Sri Lanka Newspaper Articles: සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?

The latest and hot Sinhala NewsPaper Articles from Sri lanka

සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?

 Sinhala Aluth Aurudu Lagna Pala Pala
 Astrology Lagna Predictions from  Different News Papers  
මේ සමග  :
1. මව්බිම පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය ,
2. රිවිර පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය ,
3. දිවයින පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය ,
4. සිළුමිණ  පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය, 
5. ලක්බිම  පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය,


 1. මව්බිම පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය ,





2. දිවයින පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය ,






 3. ලක්බිම  පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය,
මේෂ ලග්නය
හදිසි ධනලාභ


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
සිය අභිමානය සුරක්ෂිත කර ගැනීම සඳහා උදේ‍යා්ගිමත්ව හා නිවැරදිව කටයුතු කළ හැකි මානසික ස්වභාවයක් ගොඩනැගේ. හිතවතුන්ගේ මෙන්ම ඇසුරු කරන්නාවූ වෙනත් අයගෙන්ද ඒ සඳහා නොමසුරු සහයෝගය ලැබේ.
ගෘහ ජීවිතය
සමගියෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි වාතාවරණයක් නිවස තුළ ගොඩනැගේ. මේ නිසා අවශ්‍ය විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ හැකියාව ඇතිවේ. නොවැම්බර් ආරම්භයේ සිට මේ සාමකාමී ස්වභාවයේ සුළු කඩා වැටීමක් සිදුවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය
වරින්වර උද්ගත වන උදාසීන ගති මග හරවාගෙන බාධක ආශ්‍රයන්ගෙන් ඈත් වී කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගන්නේ නම් ඉගෙනීමේ කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වසරක් බව සිතට ගන්න.
රැකියාව හා ආර්ථිකය
රැකියා කටයුතුවලින් සාර්ථක තත්ත්වයක් ඇතිකර ගත හැකි වසරකි. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය හා කැපවීම ඔබට ඇතිවේ. වසර අවසාන භාගය වන විට රැකියා කටයුතු සම්බන්ධ දුෂ්කරතාවයන් ඇතිවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි  ධනලාභවලටද වාසනාව තිබේ.
සෞඛ්‍ය තත්ත්වය
ප්‍රබල රෝගාබාධ නැත. එසේ වුවද සෙම, නහර , ස්නායු දුර්වලතාවලට  ඉඩ තිබෙන නිසා  ප්‍රවේශම් වන්න.

වෘෂභ ලග්නය
වැඩි ආගමික නැඹුරුවක්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
අවශ්‍ය ශක්තිය ධෛර්යය හා උදේ‍යා්ගය නොඅඩුව ඇතිවේ. ආගමික කටයුතු සඳහා වැඩි යොමු වීමක් සිදුවේ. මේ කාරණාවන්  නිසි ලෙස අවබෝධ කර ගෙන ශක්තියක් ලබා ගන්නේ නම් හොඳ දියුණුවක් ලබා ගත හැකි වසරකි. ඔබට ආශිර්වාද කරන මිතුරු කැලක් මෙන්ම වැරදි උපදෙස් දෙන මිතුරන්ද නිසි ලෙස තේරුම් ගැනීම අවශ්‍යයි.
ගෘහ ජීවිතය
ඔබ අතින් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් නිසි ලෙස අවබෝධ කර ගෙන කටයුතු කිරීමෙන් පවු‍ලේ සාමාජිකයන්ගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙන අතර නිවසේ සාමකාමී පරිසරයක්ද ගොඩනැගේ.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවන පරිසරයක් ගොඩනැගෙන නිසා ඒවා නිසියාකාරව හඳුනාගෙන උදේ‍යා්ගයෙන් කටයුතු කිරීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හේතුවේ.
රැකියාව හා ආර්ථිකය
නිදහස්ව හා තෘප්තියෙන් යුක්තව රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව මෙන්ම යහපත් පරිසරයක්ද ගොඩනැගේ. වසරේ අවසාන භාගය වන විට රැකියා කටයුතු සම්බන්ධ සුළු
දුෂ්කරතාවයන් මෙන්ම ස්ථාන වෙනස්වීම් සිදුවීමටද ඉඩ තිබේ. ආදායම්වල වැඩි වීමක් සිදුවන අතර වියදම්වල ඉහළ යාමක්ද සිදුවන නිසා මුදල් පරිහරණය ප්‍රවේශමෙන් කළ යුතුය.
සෞඛ්‍ය තත්ත්වය
වසර පුරා ප්‍රබල රෝගාබාධ නැත. එසේ වුවද සෙම් රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ආහාර පාන සහ ස්නානය ගැන සැලකිලිමත් විය යුතුය.

මිථුන ලග්නය
පවු‍ලේ සමගිය


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
නොමග යවන වැරදි සිතිවිලි ඇති වුවද ඒ සමගම ඒවා නිවැරදි කරගෙන නිවැරදි මග ගමන් කළ හැකි මානසික තත්ත්වයක් ගොඩනැගේ. මේ සඳහා ප්‍රබල ලෙස ඔබට හදවතින්ම ආදරය කරන මිතුරු කැලක් ඇසුරු කිරීමේ වාසනාව සැලසේ. ඔවුන් ඔබට නිසි මග පෙන්වා දෙයි.
ගෘහ ජීවිතය
වරින්වර අස්ථාන උද්වේගකාරී ස්වභාවයක් ඇති වුවත් පවු‍ලේ සාමාජිකයන්ගෙන් ලැබෙන නොඅඩු දයාව හා අනුකම්පාව නිසා එම දුර්වලතා මගහරවා ගෙන නිවසේ සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමට හැකිවේ.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතුවලට බාධාවන් ලෙස ඉදිරිපත් වන්නේ උදාසීන ගති සහ බාධක ආශ්‍රයන් පමණකි. මේ කාරණාවන් අවබෝධ කරගෙන කටයුතු කළොත් ඉගෙනීමේ කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි වසරකි.
රැකියාව හා ආර්ථිකය
නොසැලකිලිමත් ස්වභාවය හා අඩු කැපවීම යන හේතූන් නිසා රැකියා කටයුතු පිළිබඳ
දුෂ්කරතාවයන් ඇති විය හැකි නිසා සැලකිලිමත් වීම වටී. ජුනි මධ්‍ය භාගයේ සිට රැකියා කටයුතුවල දියුණුවක් සිදුවේ. ආදායම්වල දියුණුවක් සිදුවන අතර වියදම්වල ඉහළ යාමක් ද සිදුවන නිසා මුදල් පරිහරණය පිළිබඳව සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්ත්වය
ප්‍රබල රෝගාබාධ නැත. සෙම සහ රුධිරය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි නිසා සැලකිලිමත් වන්න.

කටක
රැකියා උසස්වීම්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
උදේ‍යා්ගය හා ධෛර්යවන්ත ස්වභාවය හොඳින් පවතින වසරකි. හිත මිතුරන්ගෙන්ද ඔබේ කටයුතු සඳහා හොඳ අනුග්‍රහයක් ලැබේ. ආගමික හා සමාජ සේවා කටයුතු  සඳහා වැඩි නැඹුරුවක් ඇතිවේ. මේ නිසා සමාජය තුළ ඔබට හොඳ
පිළිගැනීමක් ඇතිවේ. සිතේ සාමය හා සතුට උසස් ආකාරයෙන් පවතී.
ගෘහ ජීවිතය
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් හා එකමුතුකමක් පවතී. මේ නිසා නිවසේ හොඳ දියුණුවක් ඇතිකර ගැනීමට හැකිවේ. වසර අවසාන භාගය වන විට එකිනෙකා අතර මතභේද හා නොසන්සුන්තාවයන් ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතු පිළිබඳව උනන්දුව හා කැපවීම වැඩි වෙයි. මේ නිසා ඉගෙනීමේ කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වාසනා ගුණයක් ඇතිවේ.
රැකියා හා ආර්ථිකය
වැඩි කැපවීමෙන් හා උනන්දුවෙන් රැකියා කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ. මේ අනුව ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වේ. උසස්වීම් පවතින වසරකි. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධන ලාභ පවතී. තැන්පත් මුදලක් ගොඩනගා ගැනීමට හැකිවේ.
සෞඛ්‍ය තත්ත්වය
මැයි, ජුනි පසුවන තුරු සුළු රෝගී තත්ත්වයන්ට භාජනය විය හැකි වුවද එතැන් සිට වසර පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

සිංහ ලග්නය
අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
ධෛර්යමත් ස්වභාවය මෙන්ම  දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කළ හැකි මානසික තත්ත්වයක් ගොඩ නැගේ. ඔබට ආශිර්වාද කරන නොමසුරුව අනුග්‍රහය දක්වන මිතුරු පිරිසකගේ ඇසුර හිමිවේ. සමාජ කටයුතු සඳහා වැඩි කාල වේලාවක් ගත වන අතර සමාජය  අතර ජනප්‍රිය  චරිතයක් බවටද පත්වේ.
ගෘහ ජීවිතය
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් හා එකමුතුභාවයක් ඇතිවේ. මේ නිසා නිවසේ හොඳ දියුණුවක් ගොඩ නගා ගැනීමට හැකිවේ. වසරේ අග භාගයේ දී නිවසේ සාමය අඩපණ වන සිදුවීම් සිදුවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතු පිළිබඳව වැඩි උදේ‍යා්ගයක් මෙන්ම කැපවීමක්ද ඇතිවේ. මේ නිසා ඉගෙනීමේ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
රැකියා හා ආර්ථිකය
රැකියා කටයුතු සම්බන්ධව සාර්ථක තත්ත්වයක් ගොඩනැගෙන වසරකි. උසස්වීම් පවතී. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වන අතර ඔවුන් තුළ හොඳ ලෙන්ගතුකමක්ද ඇතිවේ. ආදායම්වල ඉහළ දියුණුවක් ඇතිවේ. අනවශ්‍ය වියදම්ද යෙදෙන නිසා සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්ත්වය
නොවැම්බර් දක්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින අතර එතැන් සිට සුළු වශයෙන් රුධිර හා සෙම් දෝෂවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය
පවු‍ලේ අවුල් වියවුල්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
අනවශ්‍ය ලෙස උදේ‍යා්ගිමත් වීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවන නොසන්සුන්තාවය නිසා වැඩ කටයුතුවල අවුල් ස්වභාවයක් ගොඩනැගීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම්  වන්න. නොවැම්බර් මාසය වන විට මේ තත්ත්වය මග හැරෙයි. ඈත් වී සිටි හිතවතුන් පිරිසක්ද මේ වන විට ඔබට කිට්ටු වේ. ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබේ.
ගෘහ ජීවිතය
තනි තීන්දු තීරණවලට අනුව කටයුතු කිරීම නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අසමගිය හා නොසන්සුන්තාවන් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. දෙසැම්බර් මාසය වන විට ආවේගකාරී ස්වභාවයන් පහ වෙයි.
අධ්‍යාපනය
නව වසරේ මුල් මාස 6 තුළ ඉගෙනීමේ කටයුතුවල සුළු බාධක ඉස්මතු වන අතර ඉන් පසු එම බාධක තරමක් වැඩි වශයෙන් බලපෑමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී විය යුතුය.
රැකියාව හා ආර්ථිකය
උදාසීන ගති, නොසැලකිලිමත් භාවය වැනි හේතූන් නිසා මුල් මාස 3 තුළ රැකියා අර්බුද ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න. ජුනි මාසයේ සිට මෙම බාධක ඉවත් වෙයි. රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවේ. නොවැම්බර් දක්වා ආදායම් අභිබවා වියදම් ඉහළ යන අතර  ඉන්පසු එම තත්ත්වයට පත්වේ.
සෞඛ්‍ය තත්ත්වය
මේ වසරේ අවසාන භාගයේ සිට රුධිරය ආශ්‍රිත රෝග සඳහා වැඩි බලපෑමක් පවතින නිසා සෞඛ්‍ය  විහරණයක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

තුලා ලග්නය
අනපේක්ෂිත වියදම්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
සැනසීමෙන් යුක්ත මානසික ස්වභාවයක් ගොඩනැගේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොදවන අතර ගැඹුරු දර්ශනයන් අවබෝධ කර ගැනීම සඳහාද වැඩි උනන්දුවක් ඇතිවෙයි. ඒ සඳහා ඉත සිතින් අනුග්‍රහය දක්වන හිතවතුන් පිරිසකගේ ඇසුරද ලැබේ.
ගෘහ ජීවිතය
නිවසේ කටයුතු මගහැරී බාහිර කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම නිසා නිවසේ අසමගිය හා නොසන්සුන්තාවයන් ඉස්මතු වන අවස්ථා උද්ගත වන නිසා සියල්ල සමබරව  පවත්වාගෙන යාමට උනන්දු විය යුතුවේ.
අධ්‍යාපනය
නොවැම්බර් මාසය දක්වා ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ උදේ‍යා්ගයක් හා අවධානයක් පැවැතුනත් ඉන්පසු අහිතකර ආශ්‍රයන්, උදාසීන ගති වැනි බාධක ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය.
රැකියා හා ආර්ථිකය
කලක් හිතවත්ව සිටි අයගෙන් රැකියා අර්බුද ඇතිවීමේ හේතු කාරණා උද්ගත විය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ප්‍රධානීන්ගේ විවේචනයන් ඇතිවෙයි. ආදායම් දුර්වල වීමේ ඉඩකඩ පවතින  අතර අනපේක්ෂිත වියදම් යෙදීමටද ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්ත්වය
සෞඛ්‍ය දුර්වලතා නැත. වසර පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

වෘශ්චික ලග්නය
සිතේ ශක්තිය/ ආගමික නැඹුරුව


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
උනන්දුව, උදේ‍යා්ගය හා සිතේ ශක්තිය ඇතිව උදාවන වසරකි. සමාජ සේවා සහ ආගමික කටයුතු සඳහා වැඩි කැප කිරීමක් කරයි. එම ආයතන ආශ්‍රිත ප්‍රමුඛ මිතුරු කැලක් ඇසුරට පත්වන අතර ඔවුන්ගෙන් නොමඳ සහයක් ද ලැබේ.
ගෘහ ජීවිතය
පවු‍ලේ සාමාජිකයන් අතර සමගිය හා අනේ‍යාන්‍ය විශ්වාසය තහවුරු වේ. මේ නිසා සතුට සමගම හොඳ දියුණුවක් ගොඩනගා ගැනීමේ අවස්ථාවද සැලසේ.
අධ්‍යාපනය
ජුනි ආරම්භය දක්වා ඉගෙනීමේ කටයුතුවලට තරමක  බාධා පවතී. උදාසීන ගති සහ බාධක ආශ්‍රයන් ඇති වීම ආදිය මේ බාධක අතර වේ. ජූනි සිට  ඉදිරියට මෙම බාධක මගහැරී ඉගෙනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය
රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමේ හැකියාව ඇතිවේ. උදේ‍යා්ගය හා කැපවීම නොඅඩුව පවතී. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට භාජනය වේ. ආදායම් ඉහළ යන වසරකි. අතිරේක ආදායම් මාර්ග ඉස්මතු වේ. හදිසි ධන ලාභ පවතී.
සෞඛ්‍ය තත්ත්වය
වසර පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී. ආහාර පාන  හා ස්නානය පිළිබඳව සැලකිලිමත් වුවහොත් සෙම හා රුධිරය දුෂ්‍ය වී ඇතිවන රෝග වළක්වා ගත හැකිවේ.

ධනු ලග්නය
යහපත් මිතුරු ඇසුර


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා මානසික නිරවුල් භාවය යහපත් ලෙස පවතී. මේ අතර නොවැදගත් වන කාරණා වෙනුවෙන් අනවශ්‍ය පරිශ්‍රමයක් දැරීමට කාලය මිඩංගු වන නිසා කල්පනාකාරී විය යුතුය. යහපත් අවවාද අනුශාසනා මෙන්ම වෙනත් උදව් උපකාර ලබාදෙන මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
ගෘහ ජීවිතය
පවු‍ලේ සාමාජිකයන් අතර සුළු මත ගැටුම් හා අමනාපකම් ඉස්මතු වන අවස්ථා උද්ගත වුවද ඒවා සමනය කරගෙන සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව සැලසේ.
අධ්‍යාපනය
අහිතකර ආශ්‍රයන් වැනි බාධක ඇතිවුවද ඒවා මගහරවා ගෙන ඉගෙනීමේ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව සැලසේ.
රැකියාව හා ආර්ථිකය
රැකියා කටයුතු කෙරෙහි අවධානය හා සැලකිලිමත් භාවය අඩු වීම නිසා අර්බුද ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.  ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ අප්‍රසාදය ඇතිවීමේ අවස්ථාවන්ගෙන් වළකින්න. ආදායම් ඉහළ යයි.  අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. හදිසි ධන ලාභ පවතී.
සෞඛ්‍ය තත්ත්වය
වරින්වර සෙම් ආබාධවලට  ඉඩකඩ පවතින නිසා ජලය පරිහරණය හා ස්නානය පිළිබඳව ප්‍රවේශම් විය යුතුය.

මකර ලග්නය
ලබැඳි මිතුරන්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
සතුට සොම්නස සහ උදේ‍යා්ගය යන සශ්‍රීක මානසික තත්ත්වයක් සහිතව වසර ආරම්භ වේ. ආගමික ළැදියාව මෙන්ම එම කටයුතු පිළිබඳව දක්වන කැපවීමද අධික වේ. ඒ සඳහා ආශිර්වාදය හා අනුග්‍රහය දක්වන හිත මිතුරු පිරිසක්ද එක්වේ.
ගෘහ ජීවිතය
පවු‍ලේ සාමය හා එකමුතු භාවය හොඳින් ගොඩනැගේ. එසේ වුවද සෑම කාර්යයකදීම ඔබේ අදහස් පමණක්ම ඉටු නොකර අන්‍යයන්ගේ අදහස්ද විමසා බලමින් ඒවාට අනුග්‍රහය දක්වමින් කටයුතු කිරීම අනවශ්‍ය ගැටලු පැන නොනැගීමට හේතුවේ.
අධ්‍යාපනය
සුළු පසුබැසීම් , උදාසීන ගති වැනි හේතු කාරණාවන් අනුව ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා සැලකිලිමත් විය යුතුය.
රැකියා හා ආර්ථිකය
රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වේ. ප්‍රමාද වූ උසස්වීම්වලට හිමිකම්  ලැබේ. ආර්ථිකයේ වැඩි දියුණුව සිදුවේ. ආදායම් ඉහළ යයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ.
සෞඛ්‍ය තත්ත්වය
ප්‍රබල රෝගාබාධ නැත.  නහර ස්නායු හා සෙම ආශ්‍රිත රෝග වලට සුළු ඉඩක් පවතින නිසා සෞඛ්‍ය විහරණයන් පිළිබඳව සැලකිලිමත් වන්න.

කුම්භ ලග්නය
යුතුකම් වගකීම්වල ප්‍රමාදයන්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
සශ්‍රීක මානසික ස්වභාවයක් සහිතව වසර ගත කිරීමට හැකිවේ. නිදහස් සරල අදහස් පවතී. ආගමික කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවේ. මේ අතර ඔබට සහනය ලබාදෙන හිත මිතුරු පිරිසක් ඇසුරු කිරීමේ අවස්ථාවද සැලසේ.
ගෘහ ජීවිතය
නිදහසේ කාලය ගත කිරීමට දක්වන ඇල්ම නිසාම ඉටු කළ යුතු යුතුකම් හා වගකීම්වල ප්‍රමාදයන් සිදුවීම නිසා පවු‍ලේ සාමාජිකයන් අතර තරමක නොසන්සුන්තාවයන් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරී වන්න.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබා ගත හැකිවේ. උනන්දු වන්න. බාධක ආශ්‍රයන් ඇති වීමත් වගකීම් පැහැර හැරීමත් සිදුවිය හැකිය. එම කටයුතු සඳහා කැපවීමේ අඩු ලුහුඬුකමක් නිසා ප්‍රමාදයන් සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
රැකියාව හා ආර්ථිකය
තෘප්තිමත්ව රැකියා කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වේ. රැකියා උසස් වීම් පවතී. ආදායම් සම තත්ත්වයේ පවතින අතර වියදම්වල ඉහළ යාමක් සිදුවේ. මිතුරන් හා ඥාතීන් වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවේ.
සෞඛ්‍ය තත්ත්වය
ප්‍රබල රෝගාබාධ නැත. එසේ වුවද ශරීරයේ සෙම හා රුධිරය දුෂ්‍ය වීමෙන් වැළඳෙන සුළු රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

මීන ලග්නය
නිෂ්ඵල වියදම්


මානසික පසුබිම හා සමාජ සම්බන්ධතාවයන්
හදිසි කෝපය ආවේගශීලී ස්වභාවය දුර දිග නොබලා කරන කතාබහ සහ වැඩ කටයුතු නිසා ඇති වන අවුල් වැනි දුර්වල මානසික ස්වභාවයන් ඉස්මතු වන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.  මේ අතර ඔබ වැරදි මගට යොමු කරන මිතුරන්ද කිට්ටුවන නිසා ප්‍රවේශම් වන්න.
ගෘහ ජීවිතය
ජුනි මාසය වන තුරු පවු‍ලේ සාමාජිකයන් අතර මතභේද සහ නොසන්සුන්තා පැවැතීමේ ඉඩකඩ පවතින අතර ඉන්පසු ඒවා සමනය වේ. පැවැති දුර්මත හා අමනාපකම් අහෝසි වී හොඳ සමගියක් එකමුතුකමක් ගොඩනැගේ.
අධ්‍යාපනය
නොවැම්බර් දක්වා ඉගෙනීමේ කටයුතුවල ප්‍රමාදයන් හා පසුබැසීමක් පවතින අතර ඉන්පසු එම දුර්වලතා මග හැරෙයි. කෙසේ වුවද බාධක ආශ්‍රයන්ගෙන් ප්‍රවේශම් වන්න.
රැකියාව හා  ආර්ථිකය
රැකියා කටයුතුවල උන්නතියක් ඇතිවේ. ජුනි සිට ඉදිරියට පැහැදිලිව මේ අත්දැකීම ලද හැකිවේ. හිතවතුන්ගේ සහ ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමිවේ. ප්‍රමාද වූ උසස්වීම්වලට හිමිකම් ලැබේ. ආදායම්වල වැඩි වීමක් සිදුවන අතරම වියදම්වල ඉහළ යාමක් ද සිදුවේ. බහුලව නිෂ්ඵල වියදම් යෙදීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය තත්ත්වය
උෂ්ණත්වය නිසා සෑදෙන රෝග නහර, ස්නායු ආශ්‍රිත රෝග ආදියට ඉඩකඩ පවතින නිසා සැලකිලිමත් වන්න.  
  
‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය



4. සිළුමිණ  පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය, 

නව වසර රටට කොහොම ද?

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක්
ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් ශිව යුග පංඤචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරී චන්ද්‍ර දේවතාධිපති “ජය” නම් සංවත්සරය වනාහි මේෂ රවි 01 භාග බක් මස පුර තුදුස්වක නම් තිථිය ලත් සඳු දින මධ්‍යම උදයාදී පැය 03 විනාඩි 37 තත්පර 30 ට නොහොත් ශුද්ධ සූර්යාදයාදී පැය 03 මිනිත්තු 55 තත්පර 00 ට හෙවත් ක්‍රි. ව. 2014 ක්වූ අප්‍රේල් මස 14 වෙනි සඳු දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් පූර්ව භාග 07.37 ට අංශක 24 කලා 29 ක් ගත කුජ හිමි මේෂ ලග්නය ද - සඳු හිමි කටක රාශියාදීයද - ගුරු හිමි ධනු දෙර්‍කණාංශකය ද බුධ හිමි කන්‍යා සප්තාංශකය ද - කුජ හිමි වෘෂ්චික නවාංශකය ද - ශනි හිමි මකර ද්වාදසාංශකය ද - බුධ හිමි මිථුන ත්‍රිංශාංශකය ද - යන මෙකී සප්ත වර්ගය ද ශනි හිමි තත්කාල හෝරාවේ - සඳු හිමි පංචම කාල හෝරාව ද - සඳු හිමි හත නැකතේ අංශක 05 කලා 08 ගත දෙවන පාදය ද - ව්‍යාඝාත යෝගය ද - වණිජ කරණය ද - “වජ්‍රක” නම් මහා යෝගය ද සම්භව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් නව වසර උදා වන්නේය.
මෙදිනෙන් ආරම්භ වන නව සූර්ය වර්ෂය තුළ දී චන්ද්‍ර ග්‍රහණ දෙකක් හා සූර්ය ග්‍රහණ දෙකක් සිදු වේ. තව ද මන්දගාමී ග්‍රහ මාරු තුනක් සිදු වනු ඇත. ඒ අතරින් ග්‍රහ ලොවේ ශුභදායකම ග්‍රහයා හෙවත් සුරගුරු නොහොත් බ්‍රහස්පති මිථුන රාශියේ සිට තම උච්ච භවන වන කටක රාශියට සංක්‍රමණය වීම ජුනි මස 19 වන දා පූර්ව භාග 08.46 ට සිදු වේ. ජූලි මස 13 වන දා රාත්‍රී 10.00 ට රාහු තුලා රාශියෙන් කන්‍යා රාශියට සංක්‍රමණය වේ. ඉන් පසු නොවැම්බර් 02 වන දින වර්ෂ 02 මාස 02 දින 28 ක් තුළ උච්ච බල සහිතව තුලා රාශියේ සිටි ශනි වෘෂ්චික රාශියට එදින රාත්‍රී 09.05 ට සංක්‍රමණය වීම සිදු වේ.
ඡන්මියාට දැනුම ලබා දෙන කලාකාමී බුධ නව අලුත් අවුරුදු උදාවත් සමඟ නීචත්වයට පත් වුවද එහි අශුභදායක තත්ත්වය මඳක් පවතිනුයේ මේෂ - කටක - මකර ලග්න කරුවන්ට පමණි. වෘෂභ - මිථුන - සිංහ - කන්‍යා - තුලා - වෘශ්චික - ධනු - කුම්භ - මීන යන ලග්න කරුවන්ට බුධගේ නීචත්වය නීච භංග රාජයෝගයක් බවට පත්වන බැවින් ඔවුන්ට ශුභ දායකයි. ඉහත ග්‍රහ මාරු සහ තත්කාල ග්‍රහ චාරයන්ට අනුව සිරි ලක් මෑණියන්ගේ දූ පුතුන්ට අත්දකින්නට සහ අත් විඳින්නට සිදු වන පලාපල ලුහුඬින් මෙලෙසින් වනු ඇත.
තේජෝ බල පරාක්‍රමයෙන් යුක්ත සූර්යා දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ තේජෝ බලයෙන් යුක්ත තම උච්ච භවනට සංක්‍රමණය වන විට තත්කාලීනව උදා වන ලග්නය ද මේෂ රාශියම වන බැවින් ලක් දූ පුතුන් තම ආත්ම අභිමානයෙන් යුක්තව දියුණුවේ හිනිපෙත්තට ළඟා වන බව මෙම ග්‍රහ බලය මැනවින් පසක් කරවයි. වසර 15 කට ආසන්න කාලයක සිට කම්කරු ජනතාවගේ ඉටු දෙවියන් හෙවත් සෙනසුරු ග්‍රහයා ආරෝහණ ගමනේ යෙදෙමින් ඔබ දියුණුවේ හිනිපෙත්තටම ඔසවා තබා නිහතමානීව නොවැම්බර් 02 වන දින උච්චත්වයෙන් මිදී යන්නේ - සුරගුරු උච්චත්වයේ තබා ඔබට දැනුම් සයුරේ පරතෙරටම යාමට අවශ්‍ය පසුබිම ද සකස් කරමිනුයි.
රාහුගේ මාරුවෙන් විදෙස් කුමන්ත්‍රණවලට හා සතුරු බලවේගයන්ට නොබියව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය හිමි වන බව පෙන්නුම් කරන අතර ගුරුගේ උච්චත්වයෙන් ධනයෙන් උසස් වන බව ද අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ ඉහළ පිබිදීමක් දක්නට ලැබෙන බව ද වාසනාවන්ත දූ පුතුන් බිහි වන බව ද පෙන්නුම් කරන අතර ශනිගේ ප්‍රගමනයෙන් බාධක බිඳ ගෙන ලබා ගත් ජයග්‍රහණ බුක්ති විඳීමට අවශ්‍ය සාමකාමී පසුබිම ගොඩ නැ‍ඟෙන බව ද තවදුරටත් පිළිබිඹු කරයි.
සෙසු ග්‍රහ පිහිටීම් දෙස ද උසස් ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව අවධානය යොමු කිරීමේ දී නිගමනය වන්නේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ පිබිදීමක් දක්නට ලැබෙන බවයි. නුසුදුස්සන් තනතුරුවලින් ඉවතට යොමු වන බවත් - සුදුස්සන්ට සුදුසු තනතුරු හිමි වන බවත්ය.
තව ද මෙම ග්‍රහ බලය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පිළිබිඹු වන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය ගිලිහී යාම හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යන බවයි. එතුළින් බොහෝ පවුල් ජීවිත වියැකී යන්නට ද හේතු විය හැකි බැවින් ගෘහ ජීවිත ගත කරන ඔබ ඥානාන්විත විය යුතු බව අවධාරණය කරවයි. උගත් යැයි සැලකෙන පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් ජන ජිවිතවල වියවුල් ඇති විය හැකි බැවින් එවැනි ක්‍රියා පිළිබඳව ඔබ අවධානයෙන් පසු විය යුතුය.
දරුණු උණ රෝග හා වසංගත රෝග පැතිරී යාමට හේතු කාරක ඇති විය හැක. ගින්නෙන් විශාල වශයෙන් අනතුරු සිදු විය හැකිය. කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ජනතාවට වරින් වර බලවත් පීඩාවට ලක්වන්නට ද සිදු විය හැකිය.
ක්ෂණික කෝපය නිසා මහත් ගැටුම් හා කලකෝලාහල හට ගන්නා අතර එම හේතුවෙන් පොලීසි හා උසාවිවල ද රැදෙන්නට සිදු වන්න පුළුවන්. නොසැලකිලිමත් කමින් රිය පැදවීම් හේතුවෙන් මාර්ග අනතුරු බහුල වන අතර එතුළින් ජිවිත හානි ද සිදු වන්නේය. ස්වාභාවික ආහාර රටාවෙන් ඈත් වීම හේතුවෙන් ලෙඩ රෝග - පෝෂණ ඌණතා - ආහාර විෂ වීම් ආදියෙන් හට ගන්නා රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත වන පිරිසේ වැඩි වීමක් පෙන්නුම් කරයි.

මේෂ

ඉගෙනුමට උනන්දුව වැඩිවේ
මේෂ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ / සඳු සමඟින් රෝග ස්ථානයේත් ආත්ම කාරක රවි කේතු සමඟ ලග්න භාවයේත් දුකට අධිපති ශනි උච්ච බල සහිතව රාහු සමඟ හත් වැන්නේත් ගුරු වික්‍රම ස්ථානයේත් නීච බුධ වැය ස්ථානයේත් සිකුරු අය ස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක වික්‍රම සහ කලත්‍ර පරිවර්තන යෝග දෙකක් ද උදාකරමිනුයි මෙම නව වසර ඔබට උදාවන්නේ.
නිරෝගිමත්ව ආත්ම අභිමානයෙන් යුක්තව ආරම්භ කිරීමට හැකි වන නව සූර්ය වර්ෂය ඔබට ඉතා යහපත් වනු ඇත. යුග දිවියේ සුළු සුළු මත ගැටුම් ඇති විය හැකි මුත් ජූලි 13 වන දිනෙන් පසු එය මඟ හැරී යනු ඇත. නව සබඳතා ඇති කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට උසස් අයගේ ඇසුර හිමි වනු ඇත. නව නිවසක් ඉදිකිරීමට අපේක්ෂාවෙන් පසුවන අයට ඊට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත. නව දේපොළක් මිලදී ගැනීමට ද භාග්‍ය හිමි වනු ඇත. මේ වසරේ ඔබේ ආදායම් තත්ත්වයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියා අපේක්ෂිතයන්ගේ පැතුම් ඉටුවන අතර නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ද යහපත් වනු ඇත. හවුල් ව්‍යාපාර ආදී කටයුතුවල නිරතව සිටින ඔබේ ආදායම් තත්ත්වය ද ඉහළ යනු ඇත.
ශුභ දවස් : ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු සහ නිල් ජය අංක : 1, 2, 4, 5, 7, 9
ශුභ මැණික් : රතු කොරල්, රතු මැණික්

වෘෂභ

පවුලේ දියුණුව හා සතුට
වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කර්ම ස්ථානයේත් - යෝග කාරක ශනි උච්ච බල සහිතව රාහු සමඟින් හය වැන්නේත් කුජ / සඳු සමඟින් 05 වැන්නේත් ධන කාරක ගුරු ධන ස්ථානයේත් ආත්මකාරක රවි / කේතු සමඟ වැය ස්ථානයේත් ධන කාරක බුධ නීච භංග රාජයෝග බලයෙන් අය ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක “ධන සහ රිපු” පරිවර්තන යෝග දෙකක් ද උදා කරමින් මෙම නව වසර ඔබට උදා වන්නේය. ස්ථිර දේපළ හා ධන සම්පත් අතින් ඉතා යහපත් ග්‍රහ පිහිටීමක් සහිතව උදාවන නව සූර්යය වර්ෂය ඔබට ඉතා යහපත් වනු ඇත. යුග දිවි ගත කරන අයට විශ්වාසයෙන් යුක්තව සතුටින් කල්ගත කිරීමේ අවස්ථාව උදා වනු ඇත. විවාහ අපේක්ෂාවෙන් පසුවන අයට ද නව සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව උදා වනු ඇත. ලොතරැයි ජයග්‍රහණ මෙන්ම හදිසි ධන ලාභ වලට උරුමකම් කීමට ද අවස්ථාව උදා වනු ඇත. වසර ආරම්භයේදීම ලග්නාධිපති සිකුරු රැකියා ස්ථානයේ ගමන් කරන බැවින් රැකියා අපේක්ෂිත ඔබගේ පැතුම මල් ඵල ගැන්වෙනු ඇත.
ශුභ දවස් : බදාදා, සිකුරාදා, ඉරිදා
ශුභ වර්ණ : සුදු, ක්‍රීම්, අයිවරි ජය අංකය : 06
ශුභ මැණික් : දියමන්ති, සුදු මැණික්

මිථුන

උසස් අයගේ ඇසුර
මිථුන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ නීච භංගරාජ යෝග බලයෙන් 10 වැන්නේත් ආත්ම කාරක රවි / කේතු සමඟින් අය ස්ථානයේත් සඳු / කුජ සමඟින් බන්දු ස්ථානයේත් ශනි / රාහු සමඟ 05 වැන්නේත් සිකුරු භාග්‍ය ස්ථානයේත් ගුරු ලග්න භාවයේම ගෝචරය වෙමින් පවතින මොහොතක ලග්න සහ පුත්‍ර පරිවර්තන යෝග දෙකක් ද උදාවෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
දේපොළ සම්බන්ධව පැවැති ගැටලුවක් තමාට වාසි සහගත ලෙස නිරාකරණය කර ගැනීමට සුදුසු අවස්ථාවක් උදා වනු ඇත. මවු පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. බාධාවකින් තොරව යුග දිවි ගත කිරිමට ද අවකාශ හිමි වන අතර නව සබඳතා ගොඩ නඟා ගැනීමට අපේක්ෂිත අයට උසස් අයගේ ඇසුර හිමි වනු ඇත. රැකියාවල නිරතව සිටින මිථුන ලග්න හිමි ඔබ මඳක් සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. විශේෂයෙන් වචන කථා කිරීමේදී සිදු වන දුර්වලතා හේතුවෙන් තම රැකියා ස්ථානයේ තමාට විරුද්ධව බලවේග ගොඩ නැඟිය හැකිය. ජුනි 19 වන දිනෙන් පසු තත්ත්වය යහපත් වනු ඇත. රැකියා අපේක්ෂිත අයගේ සිතුම් පැතුම් ඉටු වීම ඉහත කාලයෙන් පසුව විය හැකිය. ආදායම් තත්ත්වයේ ද වර්ධනයක් දක්නට ලැබෙනුයේ එදිනෙන් පසුවයි.
ශුභ දවස් : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ, කහ ජය අංක : 3, 5
ශුභ මැණික : පච්ච

කටක

අත මිට සරු වේ
කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සඳු / කුජ සමඟින් වික්‍රම ස්ථානයේත් ආත්ම කාරක රවි / කේතු සමඟින් කර්ම ස්ථානයේත් ශනි / රාහු සමඟින් සිව්වැන්නේත් සිකුරු 08 වැනි භාවයේත් නීච බුධ භාග්‍ය ස්ථානයේත් ගුරු වැය ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක බන්දු සහ ධර්ම පරිවර්තන යෝග දෙකක් උදා කරමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
ජුනි 19 වන දිනෙන් පසුව උදා වන කාලය ඔබට ඉතා යහපත් වනු ඇත. තමාගේ වටිනාකම අන් අයට දැනෙන්නට පටන් ගනු ඇත. සහෝදර සහෝදරියන් සමඟ ද සමගියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර ඔවුන්ගෙන් වාසි සහගත තත්ත්වයන් ද හිමි වේ. යුග දිවිය ප්‍රසන්න අයුරින් ගත කිරීමට හැකියාව ලැබෙන අතර විවාහ අපේක්ෂිත සැමට නිවැසියන්ගේ උනන්දුව මත බලවත් අයගෙන් යෝජනා පැමිනෙනු ඇත. නව රැකියා අපේක්ෂිතයන්ට සහ උසස් වීම් බලාපොරොත්තුව සිටින අයට තම අපේක්ෂා මුදුන් පත් කර ගැනීමට මෙම වර්ෂයේදී භාග්‍ය හිමි වනු ඇත. දේපොළ සම්බන්ධ ගනුදෙනු වලින් තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. රැකියා මාරු වීම් හෝ විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට සිතැඟි පරිදි තම කටයුතු නිරාකරණය කර ගැනීමට භාග්‍යය උදා වනු ඇත. විදේශ රැකියා අපේක්ෂිත අයගේ පැතුම් ද මල්ඵල ගැනෙනු ඇත.
ශුභ දවස් : ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : සුදු, ක්‍රීම් ජය අංක : 2, 7, 9
ශුභ මැණික : මුතු

සිංහ

සිතැඟි ඉටුකර ගත හැකි වේ
සිංහ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි උච්ච බල සහිතව කේතු සමඟින් භාග්‍ය ස්ථානයේත් සඳු / කුජ සමඟින් ධන ස්ථානයේත් ගුරු අය ස්ථානයේත් ශනි / රාහු සමඟින් වික්‍රම ස්ථානයේත් කලාකාමී සිකුරු විවාහක ස්ථානයේත් බුධ නීච භංග රාජයෝග බලයෙන් අට වැන්නේත් ගෝචරය වෙමින් පවතින මොහොතක වික්‍රම සහ මාතෘ පරිවර්තන යෝගය ද උදා කරමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
ප්‍රසන්න භාවයකින් යුක්තව යුග දිවිය ගත කිරීමට අවශ්‍ය ග්‍රහ පිහිටිමක් සහිතව ඔබට නව සූර්ය වර්ෂය උදා වන්නේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීමෙන් සාර්ථක ගෘහ පැවැත්මක් ගොඩ නඟා ගැනීමට භාග්‍ය හිමි වනු ඇත.
නව සබඳතා ගොඩ නඟා ගැනීමට අපේක්ෂිත අයට ද තම සිතැඟි පරිදි සුදුසු සහකරුවන් සහකාරියන් මුණ ගැසෙනු ඇත. තම සහෝදරයන් පිළිබඳව ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු අතර ඔවුන් වෙනුවෙන් යම් කැප කිරීමක් සිදු කිරිමට ද අවස්ථාව උදා වේ.
තමාගේ වචන වලට අන් අයගේ සිත් රිදුම් ඇති විය හැකි බැවින් දෙවරක් සිතා බලා වචන ප්‍රකාශ කිරීම යහපත්ය. විදේශයන්හි උසස් රැකියා බලාපොරොත්තු වන සිංහ ලග්න හිමි ඔබට තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍ය හිමි වනු ඇත. රැකී රක්ෂා වල නිරතව සිටින අය තම රැකියා අභිමානය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත. .
තරග විභාග ආදි කටයුතුවලින් සිංහ ලග්න හිමි ඔබට ජයග්‍රහණ හිමි වන අතර ප්‍රාථමික අධ්‍යාපනයේ නියැළී සිටින දූ පුතුන්ට මානසික උද්යෝගයකින් යුක්තව තම අධ්‍යාපන කටයුතු කර ගැනීමට මෙම වර්ෂයේදී හැකියාව ලැබෙනු ඇත. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර මෙන්ම ජ්‍යොතිෂ විද්‍යා කෙරෙහි ද තම සිත යොමු වන බවක් පෙන්වයි. ශුභ දවස් : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණය : රතු ජය අංක : 1, 4
ශුභ මැණික : පත්මරාග

කන්‍යා

ආදායම් තත්ත්වය යහපත් වේ
කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ නීච භංග රාජයෝග බලයෙන් හත්වැන්නේත් ලග්න භාවයේ සඳු / කුජ සමඟින් ගත කරන අතර ධන ස්ථානයේ රාහු / ශනි සමඟින් ද සිකුරු රෝග ස්ථානයේත් ගුරු රැකියා ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක ධන සහ කලත්‍ර පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
තමාට වැරදුණ තැන් පිළිබඳව අවධානය යොමු කිරිමට අවස්ථාවක් හිමි වන අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එය නිවැරැදි කර ගැනීමෙන් තම අභිවෘද්ධිය සලසා ගත හැකිය. නව සබඳතා ගොඩ නඟා ගැනීමට අපේක්ෂිත සැමට වසර මැද භාගයෙන් පසුව ඒ සඳහා උත්සාහවත් වීම වඩා යහපත් වනු ඇත. තමා බලාපොරොත්තු වූවාටත් වඩා උසස් රැකියාවක් - රැකියා අපේක්ෂිත කන්‍යා ලග්න හිමියන්ට ලැබෙනු ඇත. තම ධන තත්ත්වයේ ඉහළ වර්ධනයක් ජුනි 19 වන දිනෙන් පසුව ලැබෙනු ඇත. රැකියා උසස් වීම් හිමි වන අතර තම දක්ෂතා ඇගැයීමට ලක්වීමක් ද මෙම වසරේදී සිදු වනු ඇත. විදේශ වෙළෙඳපොළ හා ගනුදෙනු කිරීමෙන් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමෙන් ද තම ආදායම් තත්ත්වය ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ශුභ දවස් : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණය : කොළ ජය අංක : 2, 3, 5, 7
ශුභ මැණික් : පච්ච, ගෝමේද

තුලා

ඉවසීමෙන්, කල්පනාවෙන් වැඩ කරන්න
තුලා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු පුත්‍ර ස්ථානයේත් ලග්න භාවයේ උච්ච බල සහිතව යෝග කාරක ශනි / රාහු සමඟින් ද සඳු / කුජ සමඟින් වැය ස්ථානයේත් ආත්ම කාරක රවි / කේතු සමඟින් 07 වැන්නේත් බුධ නීච භංග රාජ යෝග බලයෙන් රෝග ස්ථානයේත් ගුරු භාග්‍ය ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක ලග්න සහ රිපු පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
ලග්න ඒරාෂ්ඨකයක් ගෙවමින් පවතින මොහොතක රාහු ද ශනි සමඟින් ලග්න භාවයේ ගෝචරය වෙමින් පවතින බැවින් තුලා ලග්න හිමි ඔබ තම පැවැත්ම පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරමි.
නැතහොත් ඔබට බොහෝ ගැටුම් හා කරදර මෙන්ම බලවත් චිත්ත පීඩාවන්ට ලක්වන්නට සිදු විය හැකිය. ආගමානුකූල වැඩ සටහන්වලට සම්බන්ධ වන්නට අවස්ථාව උදාවන අතර ඒ තුළින් විපුල ඵල නෙළා ගැනීමට ඔබ ඥානාන්විත වන්නේ නම් බොහෝ උපද්‍රව වළක්වා ගැනීමට ඔබට භාග්‍ය හිමි වන්නේය. තව දුරටත් ඉවසීමෙන් සැනසීම උදා කර ගත හැකි වනු ඇත. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට ඔබ අපොහොසත් වුව හොත් වැය පාර්ශ්වය අතිශයින් ඉහළ යනු ඇත.
මූල්‍යමය කටයුතුවලින් තමාට පාඩු සිදු විය හැකි බැවින් ඉතා කල්පනාකාරීව ගනුදෙනු කරන්න. රැකියා අපේක්ෂාවෙන් පසුවන අයගේ බලාපොරොත්තු ඉෂ්ට වීම තවදුරටත් ප්‍රමාද විය හැකිය. රැකියා කටයුතුවල නිරත වී සිටින අයට ද වංචා දූෂණ හා ප්‍රයෝගකාරී කටයුතු හේතුවෙන් කනස්සල්ලෙන් පසුවන්නට ද සිදු විය හැකි බැවින් ඔබ සිහි බුද්ධියෙන් යුක්තව කටයුතු කිරිමට සැලකිලිමත් වන්න.
ශුභ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : සුදු, ක්‍රීම්, අයිවරි ජය අංකය : 6
ශුභ මැණික් : දියමන්ති, සුදු මැණික්

වෘශ්චික

නව සබඳතා ගොඩ නැගේ
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ සියලුම ලැබීම් පෙන්වන 11 වැන්නේ සඳු සමඟින් ද ආත්ම කාරක රවි / කේතු සමඟින් සතුරු ස්ථානයේත් ශනි / රාහු සමඟින් වැය ස්ථානයේත් ගුරු 8 වැන්නේ ද බුධ නීච භංග රාජ යෝග ‍බලයෙන් පුත්‍ර ස්ථානයේත් සිකුරු බන්දු ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක බන්දු සහ පුත්‍ර පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේ ය.
ඒරාෂ්ඨක තත්ත්වයේ උණුසුම දැනෙමින් පවතින බැවින් වෘශ්චික ලග්න හිමි ඔබ ද සෑම කටයුත්තකදීම ඥානාන්විත වීම යහපත් වනු ඇත. යුග දිවි ගත කරන අයට අන්‍යෝන්‍ය විශ්වාසය ඇතුව කටයුතු කළ යුතුය. යම් පමණකට බාධා අවහිරතා මතු වුවත් වරින් වර සමඟි සම්පන්නව හා ප්‍රමුදිත භාවයෙන් යුක්තව දිවි ගෙවන්නට ද අවස්ථාව උදා වනු ඇත.
නව සබඳතා ගොඩ නඟා ගැනීමට අපේක්ෂිත අයට වැඩිහිටියන්ගේ ආශිර්වාදය මත උසස් අයගේ ඇසුර ලැබෙනු ඇත. සහෝදර සහෝදරියන් වෙනුවෙන් යම් කැප කිරිමක් කිරීමට සිදු වූවත් එයට නිසි ඇගැයීමක් නොලැබී යාමට පුළුවන. රාජ්‍ය අංශයෙන් රැකියා බලාපොරොත්තු වන වෘශ්චික ලග්න හිමියන්ට සතුටු දායක තීරණයක් ලැබීමට පුළුවන.
රැකියා අපේක්ෂිත සැමට සුළු වශයෙන් බාධා ඇති වුවත් වසර මැද භාගයෙන් පසු සහනය සැලැසෙනු ඇත. ඔබේ ධන තත්ත්වයේ ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන අතර ගෘහ ආශ්‍රිත ව්‍යාපෘති හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදන සහ අලෙවියේ නිරත වන්නන්ගේ තත්ත්වය වර්ධනය වනු ඇත. විදේශ විනිමය ඉපයීමට ද වෘශ්චික ලග්න හිමි ඔබට භාග්‍ය හිමි වනු ඇත.
උසස් අධ්‍යාපන කටයුතු හා වෘත්තීය පුහුණු කටයුතුවල නිරතව සිටින අයට එතුළින් විපුල ඵල නෙළා ගැනීමට භාග්‍ය හිමි වනු ඇත.
ශුභ දවස් : ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය : රතු ජය අංක : 1, 2, 4, 5, 7
ශුභ මැණික් : රතු මැණික්, රතු කොරල්

ධනු

වෘත්තීය අධ්‍යාපනයෙන් ජය
ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු හත් වැන්නේත් ආත්ම කාරක රවි / කේතු සමඟින් පුත්‍ර ස්ථානයේත් සඳු කුජ සමඟින් කර්ම ස්ථානයේත් ශනි / රාහු සමඟ අය ස්ථානයේත් බුධ නීච භංග රාජ යෝග බලයෙන් සිව් වැන්නේත් කලාකාමී සිකුරු වික්‍රම ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක වික්‍රම සහ බන්දු පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා අවබෝධයකින් යුක්තව වාසනාවන්තව ගෘහ ජීවිතයක් ගත කිරිමට ඔබට භාග්‍ය හිමි වනු ඇත. දරු ඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට වාසනාවන්ත භාග්‍යමත් දරුවන් හිමි වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ අත්දකින්නට ලැබෙන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන ධනු ලග්න හිමි ඔබ නොවැම්බර් 02 වන දිනට පෙර එකඟතාවයකට පත්වන්නේ නම් යහපත් වනු ඇත.
යුග දිවි ගත කරන අය ද නොවැම්බර් 02 වන දිනෙන් පසු සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත. දේපොළ සම්බන්ධව තිබුණ උනන්දුව කිසියම් ආකාරයකින් පසුබසින ස්වභාවයක් දක්නට ලැබිය හැකිය. ස්වකීය දක්ෂතාවයන් අලෙවි කිරිම තුළින් විශාල ධනයක් උපයා ගැනීමේ භාග්‍ය ඔබට හිමිය.
රැකියා කටයුතුවල නිරතව සිටින අයගේ උද්යෝගය යම් මට්ටමකට ගිලිහී යන ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් ධනු ලග්න හිමි ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. උසස් අය සමඟ කරන ගනුදෙනුවලින් ඔබට වාසි සහගත තත්ත්වයක් උදා වනු ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට මෙන්ම ජලයට සම්බන්ධ නිෂ්පාදන අලෙවි කරන්නන්ගේ ද අතමිට සරු වනු ඇත.
ශුභ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණය : කහ
ජය අංක : 3, 5, 6, 8 ශුභ මැණික : පුෂ්පරාග

මකර

ගොවිතැන් සරු වේ
මකර ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි උච්ච බල සහිතව රාහු සමඟින් කර්ම ස්ථානයේත් සඳු / කුජ සමඟින් භාග්‍ය ස්ථානයේත් ආත්ම කාරක රවි කේතු සමඟින් සිව් වැන්නෙත් සිකුරු ධන ස්ථානයේත් බුධ වික්‍රම ස්ථානයේත් ගුරු රෝග ස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක ධන හා වික්‍රම පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
ගෘහ ජීවිතය ප්‍රසන්න අයුරින් ගත කිරිමට වාසනාව ඔබට හිමි වුවත් වරින් වර මත ගැටුම් ඇති වන්නට පුළුවනි. නිවාස කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට වරකදී සිත් පහළ වුවත් ඊට බාධා ඇති වන්නට පුළුවනි. සහෝදරයකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් පසුතැවිලි වන්නට සිදු විය හැකි අතර වන්දනා ගමනකට හෝ විනෝද චාරිකාවකට සහභාගි වන්නට ද අවකාශය හිමි වනු ඇත. විදේශ ගත අයෙකු ගෙන් වාසි සහගත තත්ත්වයක් හිමි වන අතර යුග දිවි ගත කරන අය අතරින් එක් අයෙකු විදේශ ගත වීමට අපේක්ෂා වූයේ නම් එයට අවශ්‍ය පසුබිම ද සැකසෙනු ඇත. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නිරතව සිටින අයට හා ගොවි කටයුතුවලට සම්බන්ධව ක්‍රියා කරන සැමගේ අතමිට සරු වන වසරකි. වෙනත් ක්ෂේත්‍ර තුළ රැකියා කටයුතුවල නිරතව සිටින අයට ස්ථාන මාරු වීම්වලට ලක්වන්නට සිදු විය හැකි අතර රැකියා ස්ථානයේ ගැටලු මතුවන්නට ද පුළුවනි. අපනයන බෝග වගා කිරීමෙන් ද විදේශ වෙළෙඳ පොළ හා ගනුදෙනු කිරීමෙන් ද ඔබේ අභිවෘද්ධිය සලසා ගැනීමට මෙම වසරේදී භාග්‍ය හිමි වනු ඇත.
ශුභ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණය : නිල්
ජය අංක : 6, 8, 9 ශුභ මැණික : නිල් මැණික්

කුම්භ

පනින්න පෙර සිතා බලන්න
කුම්භ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි උච්ච බල සහිතව රාහු සමඟින් භාග්‍ය ස්ථානයේත් සඳු / කුජ සමඟින් අට වැන්නේත් ආත්ම කාරක රවි / කේතු සමඟින් වික්‍රම ස්ථානයේත් බුධ නීච භංග රාජ යෝග බලයෙන් ධන ස්ථානයේත් පුත්‍ර කාරක ගුරු පුත්‍ර ස්ථානයේත් කලාකාමී සිකුරු ලග්න භාවයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක ලග්න සහ ධන පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
අදහස් ප්‍රකාශ කිරීමේ දී ඔබ දෙවරක් සිතා බැලීම යහපත් වනු ඇත. මන්ද ඔබේ වචන හේතුවෙන් අන් අයගේ සිත් රිදවීම් ඇති විය හැකි බැවිනි. යුග දිවි ගත කරන අයට සහෝදර සහෝදරියන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් මත ගැටුම් හා සිත් වේදනා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන්න. දරු ඵල අපේක්ෂාවෙන් පසු වන්නන්ගේ පැතුම් මල් ඵල ගැන්වෙන අතර දරුවන්ගේ ජයග්‍රහණ හේතුවෙන් අමන්දානන්දයට පත් වන්නට ඔබට භාග්‍ය හිමි වනු ඇත.
රැකියා කටයුතු වල නිරතව සිටින කුම්භ ලග්න හිමි ඔබ ඔබේ රැකියාව ආරක්ෂා කර ගැනීමට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. රැකියාවට යෑමේ දී සහ ඒමේ දී අනතුරුවලට ද ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතුය. විදේශ රැකියා අපේක්ෂා කරන අයගේ පැතුම් මල් ඵල ගැන්වෙන අතර විදේශ වෙළෙඳපොළ හා ගනුදෙනු කිරිමට අපේක්ෂිත හා දැනට ඒ හා කටයුතු කරන සැමගේ ආදායම් තත්ත්වයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි.
ස්වකීය දක්ෂතා මතු කර ගන්නට උත්සාහවත් වන සැමට ද නිපුණතා වර්ධන තුළින් විදේශයන්හි පවා ගෞරව සම්මානයට පාත්‍ර වන්නට අවකාශ පවතී. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන්නට අපේක්ෂිත කුම්භ ලග්න හිමියන්ට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකිය.
ශුභ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු, නිල්
ජය අංක : 3, 8, 9 ශුභ මැණික : කාක නිල

මීන

තරග විභාගවලින් ජය
මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු සිව් වැන්නේත් ආත්ම කාරක රවි / කේතු සමඟින් ධන ස්ථානයේත් සඳු / කුජ සමඟින් හත්වැනි භාවයේත් උච්ච හනි / රාහු සමඟින් අට වැනි භාවයේත් කලාකාමී සිකුරු වැය ස්ථානයේත් බුධ නීච භංග රාජ යෝග බලයෙන් ලග්න භාවයේත් ගෝචර වෙමින් පවතින මොහොතක ලග්න සහ මෘතෘ පරිවර්තන යෝග දෙකක් ද උදා වෙමින් මෙම නව වසර ඔබට උදා වන්නේය.
මීන ලග්නයෙන් උපන් ඔබ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය ගෙවමින් පවතින මොහොතක සහසම්බන්ධතා පිළිබඳ කරුණු පෙන්වන කේන්ද්‍රයේ හත් වැනි භාවයේ ප්‍රවේගකාරී කුජ ගමන් කිරිම බලවත් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරවන ග්‍රහ පිහිටීමක් බව පසක් කරගෙන යුග දිවි ගත කිරිමට ඔබ ඥානාන්විත විය යුතුය. නැතහොත් මහත් ව්‍යසනයන්ට මුහුණ පාන්නට සිදු විය හැකිය.
ගෘහ ජීවිතය පීඩාකාරි බවක් ඇති කළ ද දේපොළ මිල දී ගැනීමට හා නව නිවාස ඉඳිකර ගැනීමට හැකි වාසනාව පවතින්නේය. එවැනි අංශ වෙත සිත යොමු කිරීමත් ආගමානුකූල වත්පිළිවෙත්වල නිරත වීමත් තුළින් ඇති විය හැකි බොහෝ උපද්‍රව වළක්වා ගැනීමට හැකි වන්නේය.
රැකියාවල නියුතු අයට සාමාන්‍ය අන්දමින් ඒවා පවත්වාගෙන යාමට හැකියාව ලැබුණ ද වරින් වර කරදර බාධා ඇති වන්නේය. නොවැම්බර් 2 වන දිනෙන් පසු සිතැගි පරිදි තම අභිවෘද්ධිය සැලසෙන්නේය. ඒ දක්වා ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම යහපත්ය. ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අයට ද තම අතමිට සරු වීම එදිනෙන් පසුව විය හැකි බැවින් ඉවසිලිමත්ව කටයුතු කරන්න.
ශුභ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ : රතු, කහ ජය අංක : 3, 9
ශුභ මැණික් : පුෂ්පරාග, වෛරෝඩි

 2. රිවිර පුවත්පත මගින් ඉදිරිපත් කල වසරේ පලාපලවිස්තරය ,